ජනතාව නොමග යැවීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විවිධ උත්සාහ දරන බවත් ඔවුන්ට අවශ්‍ය කෙසේ හෝ රජය පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදය ඇතිකිරීම බවත් ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ගුවන් තොටුපල කිසිසේත් විකිණීමට රජය සූදානම් නැති බවත් එහි පරිපාලන කටයුතු විදෙස් රටකට පැවරීමට කටයුතු කරන්නේ නම් එය ද පාර්ලිමේන්තුව දැනුවත් කරන සිදුකරන බවත් අමරවීර මහතා සඳහන් කරයි.
හම්බන්තොට විරෝධතාවය සඳහා විශාල පිරිසක් සහභාගි වනු ඇති බවට ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවෙන් සිටියද ඉතා සීමිත පිරිසක් පමණක් සහභාගි වූයේ ජනතාව තවදුරටත් ඒකාබද්ධ විපක්ෂයේ බොරුවලට නොරැවටෙන නිසා බවද ඇමතිවරයා ප්‍රකාශ කරයි.
උපාලි සපරමාදු
0 comments :
Post a Comment