ඔහුට ප්‍රතිකාර කරන දකුණු කොරියානු වෛද්‍යවරයා පවසා තිබෙන්නේ මෙම පරපෝෂිතයන්ගේ ආසාදනය හේතුවෙන් ඔහු ජීවිතයත් මරණයත් අතර සටනක පසුවන බවයි. ‘අති දැවැන්ත පණුවන් සංඛ්‍යාවක්’ ඔහුගේ සිරුරේ සිටින බවත්, එම පරපෝෂිතයන් විසින් ඔහුගේ තුවාළවල තත්වය බරපතළ අතට හරවමින් තිබෙන බවත් ලී කුක් ජොන් නමැති මෙම දකුණු කොරියානු වෛද්‍යවරයා ප්‍රකාශ කරයි. ඔහු විසින් පසුගියදා සොල්දාදුවාගේ බඩවැල්වල සිටියදී ඉවත් කළ දිගම පණුවා අඟල් 11 ක් හෙවත් සෙන්ටිමීටර 27 කින් යුක්ත ය.
දැනට හෙළි වී ඇති තොරතුරුවලට අනුව උතුරු කොරියානුවන් අතර නිදන්ගත හෙපටයිටීස් බී රෝගය, නිදන්ගත හෙපටයිටීස් සී රෝගය, ක්ෂය රෝගය ඇතුළු වෙනත් පරපෝෂිත ආසාදන අති බහුල ය. විශ්වාස කෙරෙන්නේ නරක් වූ ආහාර අනුභව කිරීම හේතුවෙන් මෙම පරපෝෂිතයන් ඔහුට ශරීරගත වන්නට ඇති බවයි.
තවද උතුරු කොරියානු සොල්දාදුවන්ට ලබාදෙන ආහාරවල මෙම පණුවන් බහුල වීමට ඉඩ ඇති තවත් ප්‍රබල හේතුවක් වන්නේ උතුරු කොරියාව තවමත් මිනිස් මළපහ, පොහොරක් වශයෙන් භාවිතා කරන නිසා ය. උතුරු කොරියාව මෙම මිනිස් මළපහ පොහොර හඳුන්වන්නේ ‘නයිට් සොයිල්’ හෙවත් ‘රෑ පස’ යනුවෙනි. 1970 දශකයේදී වගාවන්ට යෙදීම සඳහා උතුරු කොරියානු රජය විසින් රසායනික පොහොර සැපයීම සිදුකළත්, 90 දශකයේදී මෙම පොහොර සැපයුම නතර කෙරිණි. වගාවන්ට යොදන්නට පොහොරක් නොමැති තැන උතුරු කොරියාවේ දුප්පත් ගොවියන්ට මිනිස් මළපහ පොහොර ලෙස යෙදීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.
තවද උතුරු කොරියානුවන් එසේ දමන පොහොරවලින් වැවෙන එළවළු බොහෝ දුරට අනුභව කරන්නේ අමුවෙනි. එනම් පිසීමෙන් තොරව ය. ඒ අනුව මෙම පණුවන් ශරීරගත වීමේ අවදානම ඉතා ඉහළ ය. මුලින් මිනිස් අන්ත්‍රයේ හෙවත් බඩවැල්වල ජීවත් වෙන්නට පටන් ගන්නා මෙම පණුවන්, අන්ත්‍රයේ බිත්ති හරහා උදර කුහරයට ද ඇතුල් වීමට ඉඩ තිබේ. ඉන්පසු සිදුවන්නේ උදර කුහරයේ තිබෙන අක්මාව, අග්න්‍යාශය වැනි වැදගත් ඉන්ද්‍රියන් ද ආසාදනය කරමින් රෝගියාගේ තත්වය තවත් බරපතළ කිරීමයි.
වගාවන්ට පොහොර ලෙස මිනිස් මළපහ යොදන්නට පෙර ඒවා පිරිපහදු කර පරපෝෂිතයන්ගෙන් තොර කිරීමේ ක්‍රමයක් ඇතැම් සංවර්ධනය වෙමින් පවතින රටවල තිබුණ ද උතුරු කොරියානුවන්ට එවැනි ක්‍රම කිසිසේත්ම සමීප නැත.
මේ අනුව මෙම 'සොල්දාදුවාගේ පණු රෝගය’ න්‍යෂ්ටික අර්බුදය හේතුවෙන් ලෝකයෙන් හුදෙකලා වී සිටින අසරණ උතුරු කොරියානුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ දුක්බර කැඩපතකි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment