විශ්වවිද්‍යාල 7ක නව තාක්ෂණික පීඨ ඇරැඹීමට රුපියල් මිලියන 5000 ක්.

විශ්වවිද්‍යාලවල තාක්ෂණික උපාධි පාඨමාලා පටන් ගැනීම සඳහා නව තාක්ෂණික පිඨ 7ක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය කටයුතු කරගෙන යයි.

මේ මඟින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා පද්ධති තාක්ෂණය යන විෂයයන් අලුතින් හඳුන්වා දෙනු ඇත.

මෙම නව තාක්ෂණික පීඨයන් රජරට, රුහුණ, සබරගමුව, කැළණිය, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ හා නිරිත දිග විශ්වවිද්‍යාල තුළ පිහිටුවීමට යන අතර මේ සඳහා මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැයෙන් රුපියල් මිලියන 5000ක් වෙන් කොට තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment