'කොළඹ කසළ බිංදුවයි' - පාඨලී.


කොළඹ කසළ බිංදුවටම අඩුකළ බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

අද (21දා) කොළඹ නගර සභාවේ පැවැති නාගරික කසළ කළමනාකරණය සහ නාගරික අලංකරණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේදී ඔහු මෙම අදහස් දැක්වීය.

එසේම කසළ මාෆියාව අවසන් කළ බවත් ප්ලාස්ටික් බද්ද කසළ කළමනාකරණය සඳහා  පළාත් පාලන ආයතන වෙත ලබාදෙන ලෙස යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“කසළ ප‍්‍රශ්නය 2019 ට යන්න නොදී සදහටම විසඳාගැනීමේ හැකියාව ලැබෙනවා. අපි අවස්ථා කිහිපයක් අතහැරියා. 1997 ලෝක බැංකු ව්‍යාපෘතිය විරෝධතා නිසා අතෑරියා. 2008 කොරියානු ව්‍යාපෘතිය විරෝධතා හා කෙලින්ම දේශපාලන මැදිහත්වීම නිසා නැති උනා.

මීතොටමුල්ල තිබෙන කසළ කන්දත්, බ්ලූමැන්ඩොල් කසළ කන්දත් දෙකම අපි නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඊළඟ අවුරුදු දෙකේ දී නාගරික උද්‍යාන බවට පත් කරනවා.

කුණු ගොඩගැසුණාම, කොළඹ කුණුවෙලා, ගඳ ගහනවා, මදුරුවෝ කියා වර්තා ඉදිරිපත් කරනවා වගේම කොළඹ කසළ අද බිංදුවට බැස්සවීම ගැන ඒ අදාල නිලධාරීන්ට හා අදාල ක්‍ෂෙත‍්‍රවල කැපවීම් කරපු සියළු දෙනාමටම අවශ්‍ය කරන ඒ ප‍්‍රචාරය ලබාදෙන්න.

වැදගත්ම දේ මේ කසළවලින් සල්ලි හම්බකරපු, සක්කු පුරවගත්ත මාෆියාවක් තිබුණා. අද ඒ මාෆියාව ඉවරයි. ඒ අයට නැවත මේ රටේ, මේ ආයතනවල හිස ඔසවන්න අපි ඉඩ තියන්නේ නැහැ.

විශේෂයෙන්ම මේ ප්ලාස්ටික් බද්ද, මම මුදල් ඇමතිතුමාටත් යෝජනා කර තිබෙනවා ඉදිරියේදී  කසළ කළමණාකරණය සඳහා පළාත් පාලන ආයතනවලට ලබාදෙන ලෙස.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment