දෙවැනි දිනයේ තරගය අවසන්වීමෙන් පසු තරගයේ විනිසුරුවරුන් විසින් මේ සම්බන්ධයෙන් තරග තීරක වෙත දැනුම් දී ඇති අතර තරගයේ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසු දසුන් පන්දුව පළුදු කිරීමට උත්සාහ කර ඇති බව තහවුරු වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන තරග තීරක ඩේවඩ් බූන් මහතා පවසා ඇත්තේ තවමත් නවක ක්රීඩකයෙකු වන දසුන් ශානක තමන් සිදුකළ වරද පිළිගැනීම සම්බන්ධයෙන් සතුටු වියහැකි බවයි. පැහැදිලි අනාගතයක් හිමි ඔහු සිදුකළ වැරදි පිළිගෙන නිවැරදිවීම ඔහුගේ අනාගතයට ඉතා යහපත් බව ද බූන් මහතා පවසා තිබෙනවා.
මෙම දඩ මුදලට අමතරව දසුන් ශානකට දඬුවම් ලකුණු 3 ක් ද හිමිව තිබෙන අතර වසරක කාලය ඇතුළත තවත් අවම එක් දඬුවම් ලකුණක් හෝ හිමි වුවහොත් ඔහුට තරග තහනමක් ක්රියාත්මක වනු ඇත.
0 comments :
Post a Comment