ශ්‍රීලනිප - ඒකාබද්දෙ සාකච්ඡා අසාර්ථකයි

ශ්‍රීලනිප - ඒකාබද්දෙ සාකච්ඡා අසාර්ථකයි
කෙසේ වෙතත් ලබන අඟහරුවාදා නැවතත් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි ශ්‍රීලනිපය වෙනුවෙන් සාකච්ඡා සඳහා එක්වූ අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසන්නේ.
 
මීට පෙර එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබූ අතර එම කොන්දේසි මෙතෙක් සංශෝධනය වී නොමැති අතර අදාල කොන්දේසි සඳහා ශ්‍රීලනිප පාර්ශ්වයෙන් අනුමැතිව හිමි වී නොමැත.
 
අභියාචනාධිකරණ වාරණ නියෝගය හේතුවෙන් සහ ගැසට් නිවේදනයේ ගැටලුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ ගැටලුවක් පැනනැගී ඇති අතර කෙසේ වෙතත් එම කරුණු දෙකටම අදාල නොවන ආයතන 93 ක නාමයෝජනා භාරගැනීම නොවැම්බර් 27 වැනිදා සිට ආරම්භ කරන බව මැතිවණ කොමිසම ප්‍රකාශ කර තිබේ. මේ අනුව ඊට පෙර ශ්‍රීලනිප - ඒකාබද්ධ විපක්ෂ සාකච්ඡා සාර්ථක වේද යන්න සැක සහිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment