ඊයේ දිනයේ මේ පිළිබඳව ඇමතිවරුන් සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කරුණු දැක්වීමෙන් අනතුරුව කෝපයට පත් ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් ගෙන පොලිස්පතිවරයාට බැන වැදී තිබේ. ගාමිණී සෙනරත් දැනටමත් අත් අඩංගුවට ගෙන ඇති බැවින් තවත් FCID අධ්‍යක්ෂකවරයා පසුපස යාම තේරුමක් නොමැති බවත් තමන් මේවා වෙන වෙනම පොලිස්පතිවරයාට කිවයුතු කරුණු නොවන බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
ඉන්පසුව පොලිස් විශේෂ විමර්ශන අංශයේ (SIU) ප්‍රධානී මෙවන් සිල්වාට ඇමතුමක් ගෙන ඇති පොලිස්පතිවරයා සිදුවීම විස්තර කර තමන් පැවසූ මොහොතේම FCID අධ්‍යක්ෂකවරයා අත් අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් මෙවන් සිල්වාට දෝෂාරෝපණය කර ඇත. ඒ අනුව මෙවන් සිල්වා තමන් යටතේ සිටින නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කර ඇත. කෙසේවෙතත් FCID අධ්‍යක්ෂකවරයාව අත් අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණය තව දුරටත් ක්‍රියාත්මකය.
මීට පසුබිම් වන්නේ 2013 වසරේ සිදුවීමකි. 2013 වසරේදී අරුගම්බේ පිහිටි නිවාඩු නිකේතනයකදී එවකට නැගෙනහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි රවී විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයාට පිරිසක් විසින් පහරදී තිබිණි. එවකට මඩකළපුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරීවරයාව සිටියේ මෙවන් සිල්වා වන අතර නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියේ පූජිත් ජයසුන්දරය. අදාල පහරදීම සම්බන්ධ පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත් නොවූ රවී විද්‍යාලංකාර මහතා එකී පරීක්ෂණ නිසි පරිදි සිදු නොකළ බවට පූජිත් ජයසුන්දරට සහ මෙවන් සිල්වාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබිණි.
අද පොලිස්පති පූජිත් ජයසුන්දර FCID අධ්‍යක්ෂකවරයා හරහා පිරිමසන්නට හදන්නේ ඒ වාඩුව බව සියළුම ඉහළ පොලිස් නිලධාරීන්ගේ මතය වී ඇත.
සබැඳි පුවත් -
FCID අධ්‍යක්ෂක අත් අඩංගුවට ගැනීමට පොලිස්පති නියෝග කරයි !
0 comments :
Post a Comment