ද්විත්ව පුරවැසිභාවය හිමි රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටත් වැඩ වරදී !

ද්විත්ව පුරවැසිභාවය හිමි රාජ්‍ය ආයතන ප්‍රධානීන්ටත් වැඩ වරදී !

 

ඒ අනුව ද්විත්ව පුරවැසිභාවය දරණ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස කථානායකවරයා විසින් ඉදිරියේදී නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇත.

එහෙයින් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී දිලීප විජේසුන්දර, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති අශ්වින් ද සිල්වා, ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ වැනි අය සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ සිදු කෙරෙනු ඇත.

දිලීප විජේසුන්දර කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ම 2015 ජනවාරි 09 වනදාය. ඒ මංගල සමරවීර මහතාට වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය ලැබුණහොත් වරාය සභාපති තනතුර භාරගැනීම සඳහාය. එහෙත් මංගල සමරවීර මහතාට ලැබුණේ විදේශ අමාත්‍ය ධුරය හෙයින් ඔහු යටතේ තිබුණු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධුරයට දිලීප විජේසුන්දර පත්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment