කබීර් ඇමතිතුමා පෙර ආත්මයේ මහණ වී සිටියේදැයි දන්නේ නෑ - ජනපති.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙර ආත්මයේ මහණ වී සිටියේදැයි තමන් නොදන්නා බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාවනැල්ලේදි අද ( 17දා) පැවැති ආගමික උත්සවයකදී ජනපතිවරයා මේ බව පැවැසිය. එසේම ශ්‍රී ලංකාවේ පැවැති ජාත්‍යන්තර වෙසක් දින උත්සවයේ හොඳම කතාව කළේ කබීර් හෂීම් අමාත්‍යවරයා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසිය.

“මම දන්නේ නැහැ කබිර් හෂිම් ඇමැතිතුමා පෙර ආත්මයේ මහණ වෙලා හිටපු කෙනෙක්ද කියලා. ඒ මොකද ජාත්‍යන්තර වෙසක් උත්සවය දවසේ පවා එතුමා තමයි බෞද්ධ ආගමික උත්සවයක් වුවත් එහිදී කළ හොඳම කථාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා.

කබිර් හෂිම් අමාත්‍යවරයා ති‍්‍රපිටකය, අභිධර්මය, චතුරාර්ය සත්‍ය, ධම්ම පදය ගැන උත්සවයකට හෝ පන්සල් උත්සවයට ආපුවාහම අපි හොඳට ඒ කථාවෙදි අහනනවා. අපි ඉතාම සතුටු වෙනවා බෞද්ධ දර්ශනය ගැන හොඳ අවබෝධයක් දැනුමක් තිබිම ගැන.”

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment