ගිංතොට තත්වය මේ වන විට සන්සුන්, නමුත් ආරක්ෂක අංශ සීරුවෙන්!

ගිංතොට තත්වය මේ වන විට සන්සුන්, නමුත් ආරක්ෂක අංශ සීරුවෙන්!

මුස්ලිම් කාන්තාව අනතුරට පත්වීමෙන් පසු මුස්ලිම් පිරිසක් මෙම තරුණයින් දෙදෙනාට හිරිහැර කර ඇත. එසේ සිද්ධිය නිමා වුනත් අද මුස්ලිම් තරුණයින් දෙදෙනෙකු පාපන්දු තරඟාවලියකට සහභාගි වීමට ගොස් සිටියදී සිංහල තරුණයින් 4-5 දෙනෙකු එම තරුණයින්ට පහර දී තිබේ. මෙම සිදුවීම දුරදිග ගොස් මෙසේ නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත.

මෙම සිදුවීම් දඩමීමා කරගනිමින් කටයුතු කිරීමට අන්තවාදී බලවේග උත්සාහ කර ඇත. එ බැවින් ආරක්ෂක අංශ සීරුවෙන් තබන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂක අංශ වෙත උපදෙස් දී තිබේ.

මේ තත්වය පිළිබඳව සමාජ මාධ්‍යජාලා විසින් ඉතාමත් පහත් ආකාරයෙන් ක්‍රියාත්මක වී ජාතීන් අතර ගැටීමක් නිර්මාණය කිරීමට උත්සාහ කරන අතර ඒ පිළිබඳව වඩාත් සුපරීක්ෂාකාරීව සිට මනා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කරන ලෙස පාඨකයන්ගෙන් අප ඉල්ලා සිටිමු.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment