ඊයේ(17) දින පැවැති සැසිවාරය සදහා ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එක්ව සිටි අතර මෙහිදී ක්ෂය රෝගය තුරන් කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩපිළිවෙල පිළිබඳව අමාත්‍යවරයා කරුණු දක්වන ලදී.
“තිරසර සංවර්ධනය යටතේ ක්ෂය රෝගය තුරන් කිරීම - බහුපාර්ශ්වික ප්‍රතිචාර” යන තේමාව යටතේ මෙම සමුලුව පැවැති අතර, වසර 2030 වන විට ක්ෂය රෝගය සම්පුර්ණයෙන් තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ප්‍රතිඵලදායී ක්‍රියාමාර්ග ගැනිමට මෙහිදී කටයුතු කෙරිණි.
මෙම සැසිවාරය සදහා රටවල් 40 ක සෞඛ්‍ය අමාත්‍යවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධාන නායකයින්, රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සහ වෙළෙද ප්‍රජාව ද ඊට සහභාගීව සිටියහ.
0 comments :
Post a Comment