‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න !!

‘යුද්දෙත් ඉවරයි ගුවන් හමුදාවක් මොකටද පානමට’ අපේ ඉඩම් දැන්වත් නිදහස් කරන්න !!
‘මේ තියෙන්නේ මගේ ගේ තිබුණූ තැන. ඉතින් කොහොමද මේ ඉඩම් අපිට අයිති නෑ කියලා කියන්නේ. ගෙදර සිමෙන්ති දාපු පොළොව තාමත් තියනවා’ ශාස්ත්‍රවෙල ඉඩම් අහිමි ගංගා සිය නිවස තිබූ තැන පොළවේ සිමෙන්ති මතුකරමින් පැවසුවාය.
 panama 1
'අපේ ඉඩම, ගේ තිබුණේ අන්න අතන, එ දවස්වල අපි හොදට වගා කර ගෙන හිටියා. දැන් ඒ ගෙවල්, ඉඩම් වටකරලා කම්බි ගහලා ඒක දැන් කදවුරක් කරලා. අද අපි ආවේ ආයේ යන්න නෙමෙයි. ඒ ඉඩම් අපේ අපිට ඒ ඉඩම් කොහොම හරි ඕන'
 
පානම ශාස්ත්‍රවෙල, ගුවන් හමුදා කදවුර දෙසට අත දිගු කරමින් සිය වේදනාත්මක හඩ සමග ඇතැම් මව්වරුන්ගේ ඇස්වල කදුලු පිරී තිබිණි.
 
යහපාලන ආණ්ඩුව පැමිණියේ පානම මිනිසුන්ට අයිති ඉඩම් වල හමුදා කදවුරු ඉවත් කරමින් ඒවා නැවත ලබා දෙන බවට පොරොන්දු වෙමින්ය. ඒ සදහා 2015 පෙබරවාරියේදී යහපාලන ආණ්ඩුව විසින් කැබිනට් තීන්දුවක් ද නිකුත් කර තිබිණි. එසේ වුවත් තවමත් ශාස්ත්‍රවෙල මිනිසුන්ට යුක්තිය ඉටු වී නැත. නමුත් ඔවුන්ගේ ධෛර්ය සිදී ගොස් නැත. ඔවුන් ඊයේ(6) ශාස්ත්‍රවෙල සිය ඉඩම් අසලට පැමිණ, ගුවන් හමුදා කදවුර ඉදිරියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරමින් පවසා සිටියේ ‘අපට ඉඩම් දෙනකං අපි මෙතනින් යන්නේ නෑ.‘ යනුවෙනි.
 
නමුත්, මේ යහපාලනය තවමත් ඉටු නොකළ 2015 පොරොන්දු වල කදුළු කථාවලින් තවත් එක් කතාවක් පමණි පානම….!
 
- විකල්ප
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment