අලුත් විද්‍යාව ගුරුතුමී සහ දුෂ්කර සේවේ - සමිත බී. අටුවබැන්දෑල

අලුත් විද්‍යාව ගුරුතුමී සහ දුෂ්කර සේවේ - සමිත බී. අටුවබැන්දෑල


.
අවිද්‍යාවෙන්
කළු වුණ බ්ලැක්බෝඩ් එක මත
පහන් ආලෝකය අඳියි
අලුත් විද්‍යාව ගුරුතුමී
අලුත් අතින්.
"ළමයිනේ,
ඉතිහාසෙන් ගලා ඇවිත්
මහවැලි ගඟ
වික්ටෝරියා ඩෑම් එක ළඟ
මදක් ගිමන් හරියි.
මුහුදට ගොස්
වෙන රටකට යන්නට පෙර
මව් රටට
විදුලිය බෙදා දෙයි.
ඒ වුණාට හැමදාම
සංවර්ධනය වෙමින් තිබෙයි.
දරුවනේ,
රන් දොරටුව අරින්න
අපි හොයමු රන් යතුර
මේ පොළවෙ කොහේ හෝ තියෙයි..
දල්වමු අපි
අලුත් සූරිය බල්බය
හිතේ හයියෙන් හෙමින්"
.
ඇහී ඒ අලුත් කටහඬ
ආලෝක වර්ෂ ගණනාවක දුර සිට
තරු පෙළක්
පන්තිය දෙස බලාගෙන සිටියි
චක්‍රලේකනයකින්
කාටදෝ එළිය දෙයි !

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment