ගීතාගේ අසුනට පියසේන ගමගේ දිවුරුම් දෙයි

ගීතාගේ අසුනට පියසේන ගමගේ දිවුරුම් දෙයි

 

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භවීමත් සමඟ ඔහු එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන් අතර ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තේය.

ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ ද්විතව පුරවැසිභාවය දැරීම හේතුවෙන් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සඳහා නීතිවිරෝධී බවට අභියාචනාධිකරණය කලින් තීරණය කර තිබූ අතර ඊට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 2 වනදා අභියචානාධිකරණයේ තීන්දුව තහවුරු කරන ලදී.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment