දයාසිරිගේ රෙද්ද පල්ලෙන් බේරෙන හොකී යහපාලනය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ජාතික හොකී තේරීම් කමිටුවේ සභාපති පුටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වූ දර්ශන විජේසිංහ මහතා පත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ පත් කිරීම සදාචාර විරෝධීව සිදු වුවක් බව මවිතයට කාරණයක් නොවන්නේ වසර ගණනාවකම සිට හොකී ක්‍රීඩාව පොලිසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගිය ආයතනයක් බවට මොවුන් විසින් අනවර්ථයෙන් පත්කර ගෙන සිටීම නිසාවෙනි.
එමෙන්ම වසර 10ක් තේරීම් කමිටු සභාපතිත්වය දැරූ දර්ශන විජේසිංහ මහතා යලිත් එම තනතුරට පත් කරන්නේ ද ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ක්‍රීඩා අමාත්‍යංශයට එරෙහිව නඩු පවරා ඇති පසුබිමකයි.
අදාල නඩු හේතුවෙන් හොකි ක්‍රීඩාව පල පල්ලට ගිය බව හොකි ජේෂ්ඨයන් ද චෝදනා කරයි.
එමෙන්ම සුදුසුකම් ඇති ක්‍රීඩකයින්ව ජාතික මට්ටමෙන් පලවා හරින ලැදැයි, හොකී ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයට තුඩු දුන් උක්ත නම් සදහන් දර්ශන විජේසිංහ මහතා යලි යලිත් පත් කිරීම තුළින් සිදුව ඇත්තේ, හොකී ක්‍රිඩාව සිල්ලර කාසිවලට විකිණෙන ආයතනයක් බවට පත් කිරීමදැයි අප බලදරින්ගෙන් විමසා සිටිමු.
විශේෂයෙන් 2016 වසරේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායමේ පුහුණුකරුවන් තෝරා ගැනීමේ අර්බුධය අප මතක් කර සිටින්නෙමු.
එසේම මෙවන් පුද්ගලයන් තේරීම් කමිටු සභාපති පුටු සඳහා පත් කර ඇත්තේ ජේෂ්ඨ හොකී ප්‍රවීණයන් වන ජගත් බාලසුරිය වැන්නන් කුණු කූඩයට විසි කරමින් වීම ද කණගාටුවට කරුණකි.
ක්‍රිඩා ඇමතිතුමනි, දර්ශන විජේසිංහ මහතා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරි කරන ආරංචිය හේතුවෙන් ඔබ ඔවුන්ට බය පක්ෂපාතිව කටයුතු කරන්නේ දැයි අප ප්‍රශ්න කර සිටිනෙමු.
එසේම ඇමතිතුමනි , ඔබ මේ දෙස අවිචාරශීලිව බලා සිටීමෙන් සිදුවන්නට යන්නේ හොකී ක්‍රිඩාවේ මලගමට සුදුකොඩි දැමීමට ඔබ විසින් උඩගෙඩි සැපයීමක් බව ලාංකික ක්‍රිඩා ලෝලීන් විසින් මොනවට පසක් කර ගත යුතු කරුණක් බව නම් පැහැදිලිය.
0 comments :
Post a Comment