විදුලියෙන් ධාවනය වන වාහන චාර්ජ් කරන්නේ ඉන්ධන විදුලියෙන්‍ නම් වැඩක් නැතිලු


පරිසරය ආරක්ෂා කිරීමේ අරමුනින් විදුලි බලයෙන් ධාවනය වන වාහන හා ත්‍රීරෝද රථ සදහා රජය විශේෂ බදු සහන දීමට 2018 අයවැය යෝජනාවලිය පියවර ගැනීම විවේචනය කරමින් සමස්ත ලංකා
යතුරුපැදිකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සභාපති චිරන්ත අමරසිංහ මෙසේ කියා තිබේ.

‘විදුලියෙන් ධාවනය වන වාහන ප්‍රවර්ධනය නිසා ඉදිරියෙදී ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල පද්ධතිය මත විශාල ඉල්ලුම ඉහලයෑමක් සිදුවනු ඇත. ඒ මේ සියලුම වාහන රාත්‍රී කාලයෙ දී

විදුලි පද්ධතියට සම්බන්ධ වීමක් සිදුවන නිසාය. ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්වයට අනුව විදුලිබල පද්ධතියේ ඉල්ලුමෙන් වැඩි ප්‍රතිශතයක් සැපයෙන්නේ ඩීසල් ඉන්ධන භාවිතය ඇසුරෙනි. එම වර්ගයේ ඉන්ධන භාවිතය හරහා සිදුවන පරිසර හානිය ඉතාමත් දරුණුය.
රට තුල කැලිකසල කලමනාකරණයක් නොමැති තත්වයක මෙම වාහන වලින් ඉවතලන විෂ රසායන සහිත බැටරි නිෂ්කාශනය සඳහා ද විදිමත් ක්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් ඉන් පරිසරයට විශාල බලපෑමක් සිදුවනු ඇත.
ශ්‍රී ලංකාව පැහැදිලි විදුලිබල අර්බූදයක් කරා ගමන් ගන්නා මෙවෙන් කාල වකවානුවක මෙම යෝජනා තුලින් සිදුවන්නේ රාත්‍රි කාලයෙ දී විදුලි කප්පාදු කිරීමක් හෝ විදුලි මිල ඉහල යෑමක් කිරීමට මංපෙත් විවර කිරීමකී. තවත් ප්‍රෝඩාවක් තුලින් ඉගුරු දී මිරිස් ගැනීමට රටේ මහජනතාවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව දන්නවා සිටිමු. එසේ නොවේනම් ඒ පිලිබඳව රටේ මහජනතාවට ලිඛිත පොරොන්දුවක් ලබාදීමට කටයුතු කරන මෙන් අදාළ බලධාරීන්ට හා ඇමතිවරුන්ට නියෝග කරන ලෙස අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමූ.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment