මුහුණට පැසසුම්ද ඉවතට ගල් මුල්ද
අවකැපෙන වචන හා ගැරහුම්ද
මුතු අකුරින් ලියූ පෙම්පත්ද
රතු අකුරින් ලියූ ගිවිසුම්ද
පත්තර පිටු අතර සඳහන්ද
හැඟුමක් නොගෙනෙයි තව දුරට.
රඟහල වසා දමා තනිවෙමි
විසිතුරු වෙස් මුහුණ ගලවමි.
ඔබේ දුක්බර මුහුණ සමවෙන
විඩාවේ රැළි වැටුණ මා දැක
ඔබ කියූ කියමන් සිහිකරමි
කවදාකටත් වඩා
ඔබ ලඟින් හිඳිනු දැක සැනසෙමි.
0 comments :
Post a Comment