ඒ අනුව පසුගිය දිනෙක එ.ජා.ප.යේ සහ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හමු වී මීට අදාළ මූලික සාකච්ඡාවක් ද පවත්වා ඇත.
මේ අතර, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රී.ල.නි.ප. මතය වෙනුවෙන් සෘජුව පෙනී නොසිටීම සහ ප්‍රභල ශ්‍රී ලංකා පාක්ෂිකයින් පක්ෂයෙන් නෙරපීම යන කරුණු මත පදනම්ව, ආණ්ඩුව නියෝජනය කරන, මැති ඇමති තනතුරු දරණ, ශ්‍රී.ල.නි.ප. නායකයින් පිරිසක් ද ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කර ඊට සහය ඵල කිරීමට එකඟ වී ඇත.
කෙසේ වෙතත්, මේ අවස්ථාවේ දී, ජනාධිපතිවරයාට එරෙහි ව දෝෂාභියෝගයක් ගෙන ඒමේ දේශපාලන වාසි - අවාසි තත්වය තක්සේරු කරමින් සිටින එ.ජා.ප.යේ නීති විශාරදයින් සහ දේශපාලන උපදේශකයින් තවමත් ඒ සම්බන්ධයෙන් ස්ථිර මතයක් ඵල කර නැත.
- චන්ද්‍රවතී සිවරාම්
0 comments :
Post a Comment