එහිදී ඉඩම් ගැටළු 41කින් 18ක් සඳහා ඒ මොහොතේම විසඳුම් ලබාදුන් අතර ප‍්‍රදේශයේ ජනතාවට මූලිකව පවතින ගැටළු වන ඉඩම්, නිවාස, නලජලය, මාර්ග හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරනු ලැබීය. මෙම ගැටළු සාකච්ඡා කිරීම සඳහා මුලතිව් දිස්ත‍්‍රික් ලේකම්තුමිය, දිස්ත‍්‍රික්කයේ සියලූම ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත‍්‍රික්කයේ සියලූම ග‍්‍රාම නිලධාරීන් සහ උතුරු පළාත් ඉඩම් කොමසාරිස්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.
හැළඹවැව කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප‍්‍රාදේශීය ලේකම්තුමාට එම මොහොතේම ලබාදුන් අතර ලබන වසරේ අයවැයෙන් වැඩි මුදලක් උතුරු පළාතටත් මුලතිව් දිස්ත‍්‍රික්කයටත් වෙන්කිරීමට කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.
මෙවර අයවැයෙන්ද විශාල මුදලක් උතුරු පළාතටත් මුලතිව් දිස්ත‍්‍රික්කයටත් වෙන්කර ඇති බව ප‍්‍රකාශ කල උතුරු පළාත් ආණ්ඩුකාරතුමා නිවාස යෝජනා ක‍්‍රම දෙකක් යටතේ පලමු අදියරේ නිවාස 50000ක් සාදා නිම කිරීමටත් ඊට අමතරව තවත් නිවාස 3000ක් ඉදිකරන බවත් ප‍්‍රකාශ කල ආණ්ඩුකාරතුමා යාපනය ප‍්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවත් ලබන 2018 වර්ෂය උතුරු පළාත සංවර්ධන වර්ෂයක් වන බවත් වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්. ඉලංගෝවන් මහතා, ආණ්ඩුකාරවර පෞද්ගලික ලේකම් ජේ.එම් සෝමසිරි මහතා සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වූ අතර තෝරාගත් ප‍්‍රශ්ණ වලට අදාළ ප‍්‍රදේශයේ ජනතාවද සහභාගී වි සිටියහ.
වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment