තෙල් චක්‍රලේඛයට යතුරුපැදිකරුවන්ගේ විරෝධය

තෙල් චක්‍රලේඛයට යතුරුපැදිකරුවන්ගේ විරෝධය

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ ඉන්ධන නොමැතිව අතරමග නතර වූ වාහන හා යතුරුපැදි සඳහා පෙට්‍රල් ලබාගැනීමේදී මෙම චක්‍රලේඛය නිසා වියවුල් තත්වයක් මතුවන බවය. එමෙන්ම විදුලි ජනක යන්ත්‍ර, දිනපතා භාවිතා කෙරෙන විවිධ කාර්මික උපකරණ සඳහා ඉන්ධන ලබාගැනීමේදී ද බෝතල්, කෑන්, බූලි සඳහා ඉන්ධන නිකුත් නොකිරීම ගැටළුවක් වන බව එම සංගමය පෙන්වා දෙයි.

එසේම ජනාධිපතිවරයා විසින් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරනු ලැබූ දෙයක් මෙසේ සීමා කරන්නේ කෙසේද යන්න ඔවුන් ප්‍රශ්න කර සිටින අතර මෙය මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් බව ද එම නිවේදනයෙන් ප්‍රකාශ කරයි.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment