මත්පැන් – අඩු සැර අඩු බදු, වැඩි සැර වැඩි බදු.


මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලට මත්පැන්වල අඩංගු වන මධ්‍යසාර ප්‍රමාණය හා වර්ගය මත පාදක වූ සූත්‍රයක් අනුව බදු අය කරනු ලබන බව කියා සිටියේය.

එහිදී මුදල් අමාත්‍යවරයා සඳහන් කළ අයවැය යෝජනා පහත දැක්වේ.

මුළු මත්පැන් පරිභෝජනයෙන් 49% ක් නීතිවිරෝධී මත්පැන් වන අතර 85% කට වැඩි ප්‍රමාණයක් සැර මත්පැන් වේ.

කෙසේ වුවද බොහෝ රටවල්වල සිය බදු ව්‍යූහය සකසා ඇත්තේ සැර මත්පැන් භාවිතය අධෛර්යමත් කිරීමටය.

එමෙන්ම මධ්‍යසාර ප්‍රතිශතය හා සමානුපාතිකව බදු අය කෙරේ.

මධ්‍යසාර අඩංගු වන ප්‍රමාණය හා වර්ගය පාදක වූ සූත්‍රයක් මත අපගේ බදු ව්‍යූහය යථාවත් කෙරේ.

එසේම මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ද 2018 අප්‍රේල් 01 සිට පැනවීමට කටයුතු කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment