ඇප නැතුව ණය ගන්න අලුත් බැංකුවක්.
පෙර රජදරුවන් සමයේ පැවැතියාක් මෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව පරාදීසයක් නැවතත් ගොඩ නැගීම අරමුණ බව මුදල් ඇමැතිවරයා පැවැසීය.
රටේ ආර්ථිකය දියුණු කිරීමට පෞද්ගලික අංශයේ සහය පමණක් ප්‍රමාණවත් නොවන නිසා සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එන්ටප්‍රයිස් ශ්‍රී ලාකාවේ පාර්ශ්ව කරුවකු කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙමින් අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කරන බව හෙතෙම පැවැසීය.
ඒ අනුව ආර්ථිකයේ කොදු නාරටිය විය යුත්තේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් බව මුදල් ඇමැතිවරයා පැවැසීය.
ප්‍රාග්ධනය සපයා ගැනීමට ඇති අවහිරතා නිසා මෙවැනි ව්‍යාපාරිකයන් අධ්‍යර්‍යමත් වන අතර රජයේ අභිප්‍රාය වන්නේ ඇප තැබීම ට නොහැකි වීම හේතුවෙන් කිසිදු ව්‍යාපාරිකයකුට ණය ලබා ගැනීමට නොහැකි වීම නතර කිරීමයි.
මේ සඳහා ආනයන අපනයන අංශ සහිත අලුත් සංවර්ධන බැංකුවක් ආරම්භ කරන බව මුදල් ඇමැතිවරයා පැවැසීය. එයින් පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට දිගුකාලීන ණය සැපයනු ඇත. මෙම බැංකුව 2018 ඇරඹීම සඳහා රු. මිලියන 10,000ක් අය වැයෙන් වෙන් කරන බවද මුදල් ඇමැති පැවැසීය.
මෙම බැංකුව මගින් ලබාදෙන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සඳහා රජය රු. මිලියන 750ක් වෙන් කළ බවද හෙතෙම පැවැසීය.
0 comments :
Post a Comment