මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කර ඇති අයවැය 'සිංහල බෞද්ධ විරෝධී නියෝ ලිබරල් අයවැයක්' ලෙස හඳුන්වා ඇති ඒකාබද්ධ විපක්ෂය එය පරාජය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අපේක්ෂා කරන බව තම නියෝජිතයින් හරහා ශ්‍රීලනිපයට දන්වා ඇත.
අයවැයෙහි සඳහන් බීර, වයින් මිල අඩු කිරීම ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ තදබල විවේචනයට ලක් වී ඇති අතර ඊට එරෙහිව භික්ෂු සමාජයෙන් එල්ල වන විරෝධය කෙරෙහි ද අවධානය යොමුකර ඇත. එමෙන්ම මෙවර අයවැයෙහි එන ආර්ථික ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවට නොගැලපෙන තදබල ලිබරල් ප්‍රතිපත්ති ලෙස හඳුන්වා ඇති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම මෙම ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ අනාගතයට බරපතළ බලපෑම් එල්ල විය හැකි බව ද පෙන්වා දී ඇත.
එහෙයින් අයවැය පරාජය කිරීම සඳහා ශ්‍රීලනිපය හා ඒකාබද්ධ විපක්ෂය එක්විය යුතු බවට යෝජනා ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබා ගැනීම සඳහා ද යෝජනා ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් දැනට සාකච්චා වටයක් පැවැත්වී ඇති බවත් ඉදිරියේදීත් සාකච්චා පැවැත්වීමට නියමිත බවත් ලංකා නිව්ස් වෙබ් වෙත වාර්තා වේ.
0 comments :
Post a Comment