ඒ කාලෙ දේශපාලන කටයුතුවලට යොදවපු තරුණයින් අද අනාගතයට වෙනුවෙන් කැපවෙනවා - තලතා අතුකෝරළ

ඒ කාලෙ දේශපාලන කටයුතුවලට යොදවපු තරුණයින් අද අනාගතයට වෙනුවෙන් කැපවෙනවා - තලතා අතුකෝරළ
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සඳහන් කළේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තරුණ කටයුතු ඇමතිවරයා ලෙස තරුණ සේවා සභාව පිහිටුවා මෙරට ලාංකික තරුණ තරුණියන් බලගැන්වීමේ මූලික පියවර තැබූ බවයි.  
 
තවදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල මහත්මිය,
 
'ඉතිහාසයේ කිසිම දවසක නැතිවිදිහට මේ අයවැයෙන් මිලියන 1000 ක මුදලක් තරුණ සේවා සභාවේ කටයුතුවලට යොදවලා තියෙනවා. පහුගිය කාලේ දේශපාලන කටයුතුවලට යොදවලා තිබුණ නිල් බලකාය වැනි වැඩසටහන්වලට තරුණයින් අද තමන්ගේ අනාගතය වෙනුවෙන් කටයුතු කරනවා. අගමැතිතුමාගේ එකම සංකල්පය තමයි NVQ 2-3 සුදුසුකම ලබාදීම. 2015 වගේ වෙනකොට නුපුහුණු ශ‍්‍රමිකයින් විදේශ රටවලට පටවන්නම් වාලේ පටවපු කාලයක් තමයි තිබුණේ. මේ වෙනකොට අපි ඒ තත්ත්වය අඩුකරලා NVQ 2-3 සුදුසුකම් සහිත අය තමයි විදේශ ගතකරන්නේ. ඒ සඳහා අපි තමයි වැටුපක් තීරණය කරන්නේ. සුදුසුකම් තියෙනවානම් වැඩි වැටුප් සහිත රැකියාවලට තමයි යවන්නේ. මේක තමයි වෙනස. මේක තමයි පරිවර්තනය. මෙතන ඉන්න ළමයින් විවිධ පවුල් පසුබිම්වලින් ආපු අය. ඒ අයට ලොකු බලාපොරොත්තු තියෙනවා. කාලය කියන දේ ඉතාම වටිනවා. කාලය අපිට මොනදේ කළත් ආපහු ගන්න බෑ. අපි හැම මොහොතක්ම ප‍්‍රයෝජනයට ගන්න ඕනි. අපිට අද ඉන්නේ අවමය පැය 16 ක් වැඩකරන අගමැතිවරයෙක්. උදේ 3 වෙනකොට නැගිටින ජනාධිපතිවරයෙක් ඉන්නේ. මේ තමයි අපේ වෙනස. මේකට අපි පෙළගැහෙන්න  ඕනි. අපි දියුණු රටවලට ගියාම අපි කණගාටුවෙනවා ඒ රටවල මිනිස්සු වැඩ කරන හැටි දැකලා. අපි මොනවද කරලා තියෙන්නේ කියලා.'
 
'තරුණ සේවා සභාවේ නිර්මාණයක් තමයි කුලසිරි බුදවත්ත මහත්මයා. අපි තීරණය කළා පුද්ගලික අංශයට තැනක් දෙනවානම් රජය නිර්මාණය කරපු අයට මූලිකත්වය දෙන්න  ඕනි කියලා. පහුගිය දවසක මම කොරියාවේ සංචාරය කළා. එහිදී තානාපති සේවය 60 වසර සමරන උළෙලක් තිබුණා. ඒකට මමත් සහභාගි වුණා. ඒ උත්සවයේ ප‍්‍රධානම අංගය වුණේ කුලසිරි බුදවත්තයන්ගේ නර්තන කණ්ඩායම. එතන 2000 කට අධික කොරියානු ජාතිකයින් පිරිසක් හිටියා. ඔවුන් පුදුමයට පත්වුණා ඒ නර්තනයන් දැකලා. මෙතන ඉන්න අපි සියළු දෙනාම ජීවිතයේ ගොඩක් ජයග‍්‍රහණ ලබපු අය. අපේ කිසිම ශාරීරික අඩුපාඩුවක් නෑනේ. අපි පුදුම ආකල්පමය වෙනසක් ඇති රටක්. අපි පුරුදු වෙලා ඉන්නේ අනිත් අය කරන දේවල් කරන්න. මේ හැම ආගමක උගන්වන්නේ හොඳ මනුෂ්‍යයෝ හැටියට ජීවත්වීමේ දර්ශනය. ඒ තුළ ඉඳන් හැම කෙනෙක්ම තමන්ට ලබාගන්න පුළුවන් උපරිම දේවල් උත්සහයෙන් ලබාගැනීම තුළින් සමාජයක් හැටියට රටක් හැටියට අපිට කරන්න පුළුවන් දේවල් මොකක්ද කියන දේ උපරිමයෙන් කරන්න  ඕනි. බෙල්වුඞ් රූපවාහිනී ගම්මානයෙන් කලාකරුවන් රැුසක් බිහිවුණා. අද සහතික ලබන දරුවෝ හැටියට තමන් ඉගෙනගන්න දේ රටට ලබාදෙන්න  ඕනි. බලන්න  ඕනි ලාභය නෙවෙයි. ලාභය අවුරුදු 5-10ක් කළාම බලන්න පුළුවන්. අපේ සේවය උපරිමයෙන් ප‍්‍රමිතිය ආරක්ෂා කරගෙන ලබාදෙන්න  ඕනි. එතකොට දියුණුව ඉතාම පැහැදිලියි. අපිට තියෙන්නේ දූපත් මානසිකත්වයක්. අපි හිතන්නේ ලෝකෙන්ම උතුම් රට ලංකාව කියලා. අපි මහද්වීපයක ජීවත් වුණානම් මේ තත්ත්වය මීට වඩා වෙනස්. සියළුම ජාතීන් එක්ක මීට වඩා සහජීවනයෙන් ජීවත් වෙනවා. අපේ උත්සහය ඔක්කොම එකට එකතුවෙලා දියුණුවෙන රටක් ඇතිකරන එක.'
 
thalatha
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment