රජයේ පාසල් වලට ඇතුල් වන සෑම ශිෂ්‍යයෙකුටම අනන්‍ය ශිෂ්‍ය අංකයක් (Unique Student Code) හඳුන්වාදිමටත්, ඒ සමග ම ඇඟිලි සලකුණු (Finger Print) මඟින් අනන්‍යතාව තහවුරු කරගැනීම හරහා QR කේතයක් (Quick Response Code) නිර්මාණය කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
පාසල් වලට ඇතුළත් වන සියලුම සිසුන්ගේ අනන්‍යතාව නිවැරදිව සනාත කරගැනීම සඳහාත්, විභාග කටයුතු වල දී, අපේක්ෂකයින්ගේත්, විභාග කටයුතු වල නිලධාරීන්ගේත් පහසුව සඳහාත් මෙම ක්‍රියාවලිය හඳුන්වාදීමට නියමිතය.
මෙම අංකය පාසල් මට්ටමින් සිදුකෙරෙන ප්‍රධාන කඩඉම් විභාග වලදී යොදා ගැනීමට ද යෝජනා වී ඇත. මේ හරහා ප්‍රධාන කඩඉම් විභාග තුන වන 05 වසර ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස.(උසස් පෙළ) යන විභාගයන් වල දි සිසුන්ගේ සාධන තත්ත්වයන් නිරීක්ෂණය කිරීමට හැකියාව උදාවනු ඇති බවත් විභාග වංචාවන් අවම කරගැනීමට ද හැකිවෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මීට අමතරව, උත්තර පත්‍ර පරික්ෂාවේ දී බහුවරණ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා නවින තාක්ෂණයෙන් යුත් OCR යන්ත්‍ර (Optical Character Readers) මිල ද ගැනීමට ද යෝජනා වී ඇත.
මේ හරහා බහුවරණ ප්‍රශ්න පත්‍ර ඇගයීමට ලක් කිරීමේ දී ඒ සඳහා ගත වන කාලය අඩුවීම සහ කඩිනමින් ප්‍රතිඵල නිකුත් කිරීමට ද හැකියාව ලැබෙයි.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment