පාර්ලිමේන්තුවට ආ සයිකල් ගැන්සිය පොලිසිය නැවතූ වෙලාවේ මහින්ද කෑගසයි (video)


පාර්ලිමේන්තුවට ආ සයිකල් ගැන්සිය
පොලිසිය නැවතූ වෙලාවේ මහින්ද කෑගසයි (video)

 පෙට්‍රල් අර්බුදයට විරෝධය පළකරමින් අයවැය ඉදිරිපත් කරන අවස්‌ථාවට සහභාගි වීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ  ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඊයේ (09 දා) පාර්ලිමේන්තු වටරවුමේ සිට පාපැදිවලින් හා තිරික්‌කල්වලින් පාර්ලිමේන්තුවට ගියා.
මෙහිදී එක් ස්ථානයකදී මහින්ද ඇතුළු පිරිස ආ පාපැදි පෙළ පොලිසිය මගින් අවහිර කළ අතර එම අවස්ථාවේ
උස් හඬින් කථාකරමින් මහින්ද ඊට හේතු විමසුවා.

කෙසේ වෙතත් ටික වේලාවකට පසු ඔවුන් එතැනින් පිටව ගියා.
මෙම විරෝධතාවයට මහින්ද සමග මහින්දානන්ද ,රෝහිත , රොමේෂ් පතිරණ, නාමල් , සිසිර ජයකොඩි, ෂෙහාන් සේමසිංහ, ජොන්ස්‌ටන් , විජිත බේරුගොඩ, ජානක වක්‌කුඹුර, කාන්චන විඡේසේකර, අරුන්දික ප්‍රනාන්දු ඇතුළු අය පාපැදිවලින්ද
දිනේෂ් , පියල් නිශාන්ත, බන්දුල, මහින්ද යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරු තිරික්‌කලයකින්ද එක්ව තිබුණි.
අයවැය ඉදිරිපත්කරන්නට පෙර මහින්දගේ පාපැදියට එල්ලවූ බාධාව ගැන දිනේෂ් මන්ත්‍රීවරයා රීති ප්‍රශ්නයක් මතු කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment