බියර් 100කින් අඩුවෙයි : සැර අනුව මත්පැන් බදු වෙනස් වෙන්නේ මෙහෙමයි.

මධ්‍යසාර සැර ප්‍රමාණය අනුව සැකසූ බදු සූත්‍රය සම්බන්ධ ගැසට් පත්‍රය ඊයේ (09) රාත්‍රියේ පිටවී තිබේ.

අදාළ සූත්‍රයට අනුව බියර් රුපියල් 100කින් පමණ අඩුවීමට නියමිත බවද පැවසේ.

මධ්‍යසාර සැර අනුව බදු පැනවීමේ ක්‍රමවේදය මධ්‍යසාර සඳහා බුදු පැනවීමේ ජාත්‍යන්තර ක්‍රමයද වේ.

මධ්‍යසාර සැර ප්‍රමාණය අනුව බදු පැනවීම මගින් සැර මත්පැන් භාවිතය අඩු කර ගත හැකි බවත්, එසේම නීතිවිරෝධී මත්පැන් භාවිතය අවමකරගත හැකි බවටත් රජය අපේක්ෂා කෙරේ.

වසර 2018 අප්‍රේල් පළමු වැනිදා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවීමට ද කටයුතු කරන බව ඔහු කීය.

කෙසේවුවද, නීති විරෝධී මත්පැන් නිෂ්පාදකයින් අදාළ සූත්‍රය ගෙනඒමට විරෝධය දක්වමින් පසුගිය කාලයේදී පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කර තිබූ බවට මාධ්‍ය වාර්තාකර තිබිණි.

මේ අතර සුරා බදු ආඥා පනත යටතේ වන සුරා බද්ද, මත් පැන් වර්ගය අනුව මධ්‍යසාර පරිමාව පදනම් කර ගෙන අදාළ වන ආකාරය පහත දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment