අලි රොෂාන් ලෙසින් ප්‍රසිද්ධ ජාවාරම්කරු විසින් කවුඩුල්ල, මින්නේරිය, උඩවලව හා මාදුරුඔය ජාතික වනෝද්‍යානවල සිටි 'කෙණර' මරා දමා කුඩා අලි පැටවුන් අල්ලා කොළඹට ගෙනැවිත් රුපියල් ලක්ෂ 50 සිට කෝටි 2 ක පමණ මුදලකට අලෙවි කර ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
එන්නත් මඟින් ඇතින්නිය හෙවත් කෙණර සිහි නැතිකොට කුඩා අලි පැටවුන් අල්ලාගෙන ඩිෆෙන්ඩර් රථවලින් කොළඹට රැගෙනවිත් ඇත. සිහි නැති කළ කෙනරට නැවත සිහිය ලැබීමට දිය යුතු ප්රතිජීවක එන්නත ලබා නොදීම නිසා එම සතුන් මිය ගොස් තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂකයා වශයෙන් කටයුතු කරන නෙවිල් නමැති අයගේ ආශිර්වාදය අලි රොෂාන්ට තිබූ බව ද මෙම පරීක්ෂණවලින් හෙළිව ඇත.
වැඩිම කුඩා අලි පැටවුන් ප්‍රමාණයක් අල්ලා ගෙන ඇත්තේ කවුඩුල්ල, මින්නේරිය හා වැලිකන්ද යන ප්‍රදේශවලිනි. කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පන්සල්වලින් සොයාගත් සියලු අලි පැටවුන් ඇතින්න මරා අල්ලා ගත් සතුන් බවට පරීක්ෂණවලින් හෙළිකර ගෙන තිබේ.
ඊට සම්බන්ධ එක් නඩුවක් අධිකරණයේ ගොනු කර ඇති අතර අලි පැටවුන් ජාවාරම සම්බන්ධයෙන් වූ ඉතිරි ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇතත් මේ වනතෙක් ඒවා ගැන එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී නැත. මේ නිසා අලි පැටවුන් සම්බන්ධයෙන් නඩු පැවරීම ප්‍රමාද වී ඇත.
0 comments :
Post a Comment