වයස අවුරුදු 12 දක්වා දරුවන් අතරින් සියයට තිහකට මෙම රෝගය වැළදී ඇතැයි පේරාදෙණිය වෛද්‍යපීඨයේ පරපෝෂී විද්‍යා දෙපාර්තමෙන්තුවේ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඇස්කාරීස් ලැම්බ්‍රිකෝයිඩ්ස් (Ascaris Lumbricoides) නම් පටපණු රෝගය වතුකරයේ දරුවන්ට වැළදී ඇති බවත් රෝගය වළක්වා ගැනීම සදහා කඩිනම් පියවර ගත යුතුව ඇතැයි ඒ මහතා සඳහන් කළේය.
වතුකරයේ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැතිවීම මත රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවත් එකම වැසිකිළිය පවුල් කිහිපයක් භාවිතා කිරීම, කුඩා ළමුන් එළිමහනේ මළ පහ කිරීම හා එහි බැක්ටීරියා ආහාරවලට මිශ්‍රවීම මගින් රෝගය පැතිර යන බවත් මෙම කරුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කළාපීය රෝග සම්බන්ධ අන්තර් ජාතික සමුළුවේදී විශේෂ සාකච්ඡාවකට බඳුන් කළ බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුසුජි වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
නුවර නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment