මේ වනවිට උප්පැන්න සහතික නොමැතිවීම නිසා හෝ පදිංචිය තහවුරු කිරීම සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැතිවීම නිසා හෝ ජාතික හැඳුණුම්පත් ලබාගැනීමට නොහැකි පුද්ගලයන් ලක්ෂ 03 කට අධික පිරිසක් සිටින බව රජයේ සංඛ්‍යාලේඛන මගින් තහවුරු වී තිබේ. එම පිරිස අතරින් ජාතික හැඳුණුම්පත් ලබාගැනීම සඳහා ඉල්ලීම් 5000 කට අධික ප්‍රමාණයක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර මේ වනිවිට එම පුද්ගලයන්ගේ දහසකට වැඩි පිරිසකට ජාතික හැඳුණුම්පත් නිකුත් කර තිබෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කෙමසාරිස් වයනි ගුණතිලක මහත්මිය පවසයි.
පදිංචි සහතික කිරීමට හෝ උප්පැන්න සහතික ඉදිරිපත් කිරීමට නොහැකි පුද්ගලයන් ග්‍රාම නිළධාරීවරයාගේ නිර්දේශය සමග සමීප ඥාතීන් තිදෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ සහ සමීප දිගුකාලීන පදිංචිකරුවන් තිදෙනෙකුගේ දිවුරුම් ප්‍රකාශ සමගින් සිය අයදුම්පත් යොමු කළයුතු බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන්ට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා නීත්‍යනුකූළභාවය සහතික කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබේ.
0 comments :
Post a Comment