පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට දෙමව්පියන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වය ලබාගැනීමට කටයුතු කළ යුතු බව ටද අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා විසින් මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් දැනුවත් කර ඇත.
ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමී ව, සියලු පාසල් ඩෙංගුවලින් තොර කලාප බවට පත්කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරුභවතුන් හා අදාළ අනෙකුත් නිලධාරීන්ගේ සක්‍රීය සහභාගීත්වය ලබාදිය යුතු බවත්, කලාප මට්ටමින් ඒ පිළිබඳ අධීක්ෂණ වාර්තාවක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයා අවධාරණය කරයි.
එමෙන් ම, කිසියම් පාසල් පරිශ්‍රයකට ඩෙංගු මදුරුවන් බෝවීම යටතේ නීත්‍යානුකූල ව යම් දඩමුදලක් නියම කළහොත් ඒ සඳහා පාසල් ප්‍රධානීන් වගකිව යුතු බව ද අධ්‍යාපන ලේකම්වරයාගේ චක්‍රලේඛයේ සඳහන්.
0 comments :
Post a Comment