මේ වසරේදී කෝටි 13 අධික කුඩු අල්ලයි

මේ වසරේදී කෝටි 13 අධික කුඩු අල්ලයි

2017 ජනවාරි 01 වැනිදා සිට පහුගිය දෙසැම්බර් 27 වැනිදාවන විට පොලිස් විශේෂ කාර්ය බලකායෙන් පමණක් රුපියල් 53,852,660.00 (කෝටි 5.3)ක් වටිනා හෙරොයින් ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බවත් එය ප්‍රමාණාත්මකව ගත්විට ග්‍රෑම් 5,385.266ක ප්‍රමාණයක් වන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2017 වසරේ මේ දක්වා කාලය තුළ 136129250.00 ක් වටිනා හෙරොයින් අත් අඩංගුවට ගෙන තිබේ. එසේම හෙරොයින් සම්බන්ධ වැටලීම් 285 ක දී සැකකරුවන් 303 දෙනෙකු අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකි වී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ

‘පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම කියන්නේ එකිනෙක බැඳුණු කාරණා දෙකක්. මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකරම් බොහෝ දුරට එකම පිරිසක් විසින් තමයි සිදු කරන්නේ.

විදෙස් රටවල සැඟවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සිදුකරවන ප්‍රධාන පෙළේ පාතාල නායකයින්අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක වෙනවා' යනුවෙනි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment