ආණ්ඩුවෙන් ගිය නිමල් ලංසා පොහොට්ටුවට එක්වෙයි.


ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එක්වන බව අද (28දා) ප්‍රකාශ කළේය.

මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදෙන ඒකාබද්ධ පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා උපරිම දායකත්වය ලබා දෙන බවයි.

 ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ තමන්ට ආණ්ඩුව සමග මින් ඉදිරියට කිසිදු ගනුදෙනුවක්  නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ආණ්ඩුව සමග සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය ඇමතිවරුන් හතර දෙනෙක් ඒකාබද්ධ විපක්ෂය සමග මේ වනවිට එක්ව සිටිති.

අරුන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න, දුලිප් විජේසේකර, නිමල් ලන්සා යන මහත්වරු මීට පෙර යහපාලන ආණ්ඩුවේ   නියෝජ්‍ය ඇමති ධුර දැරූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment