ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කරන්න විදුහල්පතිවරුන්ට බෑ - අකිල

ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කරන්න විදුහල්පතිවරුන්ට බෑ - අකිල
නිළ ඇඳුම් වවුචර්පත් වෙනුවට පෞද්ගලික ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් නිළ ඇඳුම් ඇතැම් පාසල්වල සිසුන්ට ලබා දී ඇති බව වාර්තා වන අතර ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් විසින් නිළ ඇඳුම් ලබාගැනීම සඳහා නිශ්චිත ව්‍යාපාරික ආයතන නිර්දේශ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ එසේ ව්‍යාපාරික ආයතන ප්‍රවර්ධනය කිරීමට විදුහල්පතිවරුන්ට හැකියාවක් නොමැති බවයි.
 
රජයේ තීරණය අනුව පාසල් සිසුන්ට වවුචර්පත් ලබාදීම පමණක් නිර්දේශ කර ඇති අතර ඉන් පරිබාහිරව කටයුතු කිරීමට විදුහල්පතිවරුන්ට හෝ පාසැල් සංවර්ධන සමිතිවලට හෝ බලයක් නොමැත.
 
අදාල සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා රජයේ නියමයන්ට පිටින් කටයුතු කළ විදුහල්පතිවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කරයි.
 
මේ අතර මෙවර නව පාසල් වාරය සඳහා පෙළ පොත් ලබා දිමේදීද ප්‍රශ්න රැසක් මතුව තිබේ. බොහොමයක් පාසල් වලට පෙළ පොත් ලැබී නැති අතර පාසල තුළ තිබූ හා පෙර භාවිතා කළ පොත් එක් රැස්  කර දරුවන්ට ලබා දී තිබුණි. විශේෂත්වය වන්නේ අධ්‍යාපන ඇමතිවරයා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් වල දරුවන්ට එකම පොතක් හෝ නොලැබීමයි. ගුරුවරුන් මේ පිළිබඳව දැනුවත් කරමින් දරුවන්ට පවසා ඇත්තේ පෙළ පොත් පාසල් වෙත ලැබී නැති බවයි. නව පාසල් වාරය ආරම්භ වූ පසු පොත් ලැබෙනු ඇතැයි ඔවුන් පවසා ඇත. එමෙන්ම දරුවන් වෙත ලැබුණු ඇතැම් පෙළ පොත් භාවිතා කළ නොහැකි ලෙස විකෘති වී තිබීමද දක්නට ලැබුණි.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment