ධීවර අමාත්‍යාංශයේ කෝටි 11ක වංචාවක්.


ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට මව් යාත්‍රා දෙකක් මිලදී ගැනීමට රුපියල් කෝටි 11කට වැඩි මුදලක් වැය කර ඇතත් එම යාත්‍රා දෙක මෙතෙක් මිලදි ගෙන නැතැයි පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාව තොරතුරු හෙළිකරගෙන ඇත.

මෙය 2015 වසරේ සිදුව ඇති ගනුදෙනුවක් වන අතර ඊට අදාළ ටෙන්ඩර් ලිපිගොනු සියල්ල අස්ථාන ගතවී ඇතැයිද හෙළිවී තිබේ.

2007 වර්ෂයේදී ලබාගෙන තිබූ කැබිනට් අනුමැතියක් අනුව මහා භාණ්ඩාගාරය මේ යාත්‍රා මිලදී ගැනීමට ප්‍රතිපාදන වෙන්කර ඇති බවත් එම ප්‍රතිපාදනවලින් රුපියල් කෝටි 11කට වැඩි මුදලක් වැය කර ඇතත් යාත්‍රා ලබාගෙන නොතිබූ බවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසයි.

යාත්‍රා දෙක මිලදී ගැනීම සඳහා ඇස්තමේන්තු ගත කර තිබූ වියදම් රුපියල් කෝටි 32කට අධිකය. යාත්‍රා දෙක මිලදී ගැනීම සඳහා බැංකු ඇපකරයක් නොමැතිව රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බවද හෙළිදරව්වී ඇත.

මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සම්පූර්ණ වාර්තාවක් එවන්නැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරිවරයාට නියෝග කර තිබේ.

මේ තොරතුරු සඳහන්ව ඇත්තේ රාජ්‍ය ගිණුම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment