පළාත් පාලන ආයතන 93 ක් සඳහා නාමයෝජනා භාරගැනීම පසුගිය 11 වැනිදා අවසන් වූ අතර පළාත් පාලන ආයතන සීමා නිර්ණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් හේතුවෙන් ඉතිරි පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරගැනීම අත්හිටුවීමට සිදුවිය. පසුගිය නොවැම්බර් 30 වැනිදා පෙත්සම්කරුවන් විසින් අදාල පෙත්සම් ඉවත් කරගැනීමට කටයුතු කළ අතර ඒ අනුව ඉතිරි පළාත් පාලන ආයතන සඳහා නාමයෝජනා භාරගැනීම සඳහා තිබූ නීතිමය බාධා ඉවත් වී තිබේ.
දෙසැම්බර් 21 වැනිදා දහවල් 12 ට නාමයෝජනා භාරගැනීම අවසන් වන අතර මැතිවරණ කොමිසම පවසන්නේ පළාත් පාලන පනතේ නිර්දේශයන්ට අනුව නාමයෝජනා නිවැරදිව සකස් කර ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කටයුතු කළයුතු බවයි.
21 වැනිදා නාමයෝජනා භාරගැනීම අවසන්වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරනු ඇත.
0 comments :
Post a Comment