රුසියාවට තේ එපාවුණේ ඇස්බැස්ටෝස් තහනම නිසා? : ලක්ෂ 03ක රැකියා අවධානමේ.


රුසියාව විසින් මෙරට තේ මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කිරීමට ප්‍රධාන හේතුව වී ඇත් තේ 2018 ජනවාරි 01 වැනිදා සිට ඇස්බැස්ටෝස් නිෂ්පාදනය, භාවිතය සහ ආනයනය සීමා කිරීමට රජය ගෙන ඇති තීරණය බව තේ කේෂත්‍රයේ කතා බහට ලක්ව තිබේ.

මෙරටට ඇස්බැස්ටේස් අපනයනය කරනු ලබන ප්‍රධානම රටක් වන්නේ රුසියාවය.

අදාළ, කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තාවන පරිදි තේ වල කුරුමිණියන් සිටි බවට වන වාර්තා අසත්‍ය බවයි.

ලංකාවේ තේ තත්ත්ව පරික්ෂාව ඉහල මට්ටමක පැවැතියද ඉන් කොටුකරගන්නා කසල තේ සැපයුම්කරුවන්ට නිසි ලෙස නීතියක් ක්‍රියාත්මක නොකිරීමද කසල තේ පිටරට පැටවීමට එක් හේතුවක් වී ඇතැයි පැවසේ.

තත්ත්ව පරික්ෂාවට ලක්කර අපනය තහනම් කරන ලද තේ තොග සෝඩියම් කාබනේට් වැනි ද්‍රව්‍ය මිශ්‍රකර සකසා නැවත තත්ත්ව පරික්ෂාවට ලක්කර තත්ත්ව සහතිකය ලබාගෙන පිටරට පැටවීමේ ජාවාරම් කාර තේ අපනයන කරුවන්ද සිටින බව එම කේෂත්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේ නමුත්, කඳුරට ජනතා පෙරමුණේ නායක, රාජ්‍ය අමාත්‍ය වී රාධක‍්‍රිෂ්ණන් පෙන්වා දෙන්නේ අවම වශයෙන් පුද්ගලයින් ලක්ෂ 03කට ආසන්න පිරිසක් මෙම තැනම නිසා බලපෑමට ලක්විය හැකි බවයි.  


එසේම වතුකම්කරුවන්ට පමණක් නොව ශ‍්‍රී ලංකාවේ තේවලට රුසියාව පනවා ඇති තහනම සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය කෙරෙහි ද කැපී පෙනෙන බලපෑමක් ඇති විය හැකි බවත් ඒ නිසා මෙම තහනම ඉවත් කරවා ගැනීමට ශ‍්‍රී ලංකාව කඩිනමින් කටයුතු කළ යුතු බව  ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය ගාමිණී වීරසිංහ අවධාරණය කරයි.  

ටී රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ විශය නොදන්න සභාපති

තේ පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා අදාල විෂය සම්බන්ධයෙන් දැනුමක් නොවන්නෙකු බව වාර්තා වේ.

ඔහු වෛද්‍යවරයෙක් වන ජයන්ත ගවරම්මානය.

වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයට සිදු කර ඇති බඳවා ගැනීම් සම්බන්ධයෙන් පසුගිය කාලයේදී එහි වෘත්තීය සමිති දිගින් දිගටම විවේචන එල්ලකර තිබිණි.

ඔවුන් පෙන්වාදී තිබුණේ අමාත්‍යවරයා සිට හිතවතුන්ට රැකියා ලබාදීමට තේ පර්යේෂණ ආයතනයේ බඳවාගැනීමේ පටිපාටි උල්ලංඝනය කර ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment