එජාප මහරගම බලමණ්ඩලය අද : පක්ෂ සම්මේලනයත් ජනවාරියේ.


එක්සත් ජාතික පක්ෂයේ මහරගම බලමණ්ඩල රැස්වීම අද මහරගම මංසන්ධියේ දී පවත් වීමට නියමිතය.

ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.


එජාප සම්මේලනය කොළඹ දී

මේ අතර එක්සත් ජාතික පක්ෂය එළැඹෙන පළාත් පාලන මැතිවරණයට පෙර කොළඹ දී මහා සම්මේලනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඊට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, මැති ඇමැතිවරුන්ට අමතරව පළාත් පාලන මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ද සහභාගි කර ගැනීමට සැලසුම් කර තිබේ.

එම සම්මේලනය මේ මස අග දී හෝ ලබන වසරේ ජනවාරි මුල් සතිය තුළ දී පැවැත්වීමට සූදානම් කරන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ මහලේකම් කබීර් හෂීම් මහතාට උපදෙස් ලබා දී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ 71 වැනි පක්ෂ සම්මේලනය පසුගිය සැප්තැම්බර් 10 දින රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සූදානම් කළ ද අයහපත් කාලගුණය නිසා එය කල් දැමිණි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment