හරියට නාමයෝජනාවත් හදාගන්න බැරි අය රටට වැඩ කරන්නේ කොහොමද ? - ඇමති සාගල


නිසි පරිදි නාම යෝජනා පත්‍රයක් සකස් කරගත නොහැකි පොහොට්ටු පක්ෂය රටට නායකත්වය දෙන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායක මහතා අසයි.
අමාත්‍යය සාගල

රත්නායක මහතා මෙසේ ප්‍රශ්න කළේ දෙණියායේ ඉදිකිරීමට නියමිත ඇඳන් 500 කින් යුතු නව රෝහල සඳහා හඳුනාගෙන ඇති භූමිය පරීක්ෂා කිරීමට පසුගිය 15 වැනිදා එහි ගිය අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.

පලාත් පාලන මැතිවරණයේ පළවෙනි අදියරයේ නාමයෝජනා භාර දීමේ දී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම ගැන කතා කරන්න ඕන. බලයලත් නියෝජිතයා පැත්තක ඉද්දි වෙන කෙනෙක් නාමයෝජනා භාර දීලා. තව සමහර ඒවල නම ලියන්න බැරිවෙලා. සමහර ඒවාල අත්සන් කරන්න බැරිවෙලා. හරියට නාමයෝජනා පත්‍රයක්වත් පුරවා ගන්න බැරි අය තමයි මේ කට්ටිය. ඒ වැඩේවත් හරියට කරගන්න බැරි අයද මේ රටට නායකත්වය දෙන්න ඕන කියලා ඉල්ලන්නේ. මම අහන්නේ  ඇත්තටම අයන්න ආයන්න නොදන්න නාම යෝජනාව හරියට හදාගන්න බැරි පක්ෂයක් කෙහොමද රටට වැඩක් කරන්නේ කියලයි.”



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment