සමෘද්ධි ව්‍යාපාරය අසාර්ථකයි! - ලෝක බැංකුව.


ලෝකයේ ක්‍රියාත්මක වූ දිළිඳුකම පිටු දැකීමේ වැඩ සටහන් අතර ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන අසාර්ථකම ව්‍යාපාරයක් ලෙස ලොව දිළිඳුකම පිටු දැකීමේ වැඩ සටහන් පිළිබඳව ලෝක බැංකුව විසින් සිදු කරන ලද අධ්‍යයනයක දී හෙළි වී තිබේ.

සමෘද්ධි වැඩ සටහනින් සියයට 82ක්ම වැය කර ඇත්තේ සමෘද්ධි ලාභීන්ගේ ආහාර පරිභෝජනය සඳහා ආධාර ලබාදීමට බව ද අදාළ අධ්‍යයනයේ දී හෙළි වී ඇති අතර සමෘද්ධි ලාභීන්ගෙන් සියයට 28ක ප්‍රමාණයක් ණය ආධාර ලබා දීම සඳහාත් තවත් සියයට 18ක ප්‍රමාණයක් වෘත්තීය පුහුණුව සඳහාත් යොමු කර ඇතත් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනවත් කාර්යයකට යොමු කර නැති බව ද එමඟින් අනාවරණය කර ඇත.

සමෘද්ධි වැඩසටහනින් ආධාර ලැබූ සමෘද්ධිලාභීන් 41000කට ආසන්න පිරිසක් දුගීභාවයෙන් මිදීම නිසා 2010 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුළ ඉවත් කර ඇතත්, එම කාලය තුළ සමෘද්ධි වැඩසටහන සඳහා අලූතින් එක් වූ සමෘද්ධිලාභීන් සංඛ්‍යාව 42215කි.

දේශපාලන ව්‍යාපාරයක්:

සමෘද්ධි වැඩ සටහන පිළිබඳව ලෝක බැංකුව විසින් කරන ලද අනාවරණයේ දී තහවුරු වී ඇත්තේ එකී වැඩසටහනින් ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම අවම වනවා වෙනුවට ශ්‍රී ලංකාවේ දුගී දුප්පත්කම වැඩි වෙමින් පවතින බවය.

ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩ සටහන පිළිබඳව පර්යේෂණයක නිරත වූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ සමෘද්ධි වැඩ සටහන දුප්පතුන්ගේ ආර්ථිකය සවිමත් කිරීමේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ ද සමෘද්ධි සංවර්ධන නිලධාරීන් දේශපාලනීකරණය වීම නිසා සමෘද්ධි ව්‍යාපාරය මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වී ඇති බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment