''නාමල් කියනදේ අහන්න මම බබෙක් නොවේ''- මහින්ද.


තම පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂගෙන් උපදෙස් ගැනීමට තරම් තමන් දේශපාලක බබෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු සදහන් කරන්නේ එක්ව මැතිවරණයට තරග කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවති සාකච්චා සාර්ථක නොවූයේ කිසිවකුගේ බලපෑම් කල නිසා නොව ඒකාබද්ද මන්ත්‍රී කණ්ඩායමේ බහුතර තීරණය මත බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙම තීන්දුව ගන්නැයි හිටපු ජනාධිපතිවරයාට බලපෑම් කලේ යයි ශ්‍රීලනිප ඇමතිවරුන් විසින් එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු කීවේ, 1967 සිට තමන් දේශපාලනය කරන බවත් නාමල්ගෙන් උපදෙස් ගැනීමට දේශපාලන බබෙකු නොවන බවත්ය. 

ශ්‍රීලනිප නායකත්වයේ තීරණයක් 

කෙසේ වෙතත් මැතිවරණයෙන් පසුවද පාර්ශවයන් දෙක එක් වී පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටුවීම සම්බන්ධයෙන් කර ඇති යෝජනාව ගැන ඔහු සදහන් කරන්නේ එය තීන්දු කළ යුත්තේ ශ්‍රීලනිප නායකත්වය මිස තමා විසින් නොවන බවය.

රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙම මැතිවණයේදී තම කණ්ඩායමේ ශක්තියත් ජනබලයත් සියළු දෙනාට බලාගත හැකි වනු ඇති බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment