රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක වැටුප් ඉහළට

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා සේවක වැටුප් ඉහළට
මේ වනවිට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්ව ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ 2015 වසරේ මිලියන 400 ක් ලාභ ලැබූ සංස්ථාව 2016 වසරේ රුපියල් මිලියන 1800 ක ලාභයක් අත්පත් කරගෙන ඇති බවයි. එම ලාභයෙන් 701% ක් සංස්ථා සේවකයන්ට ලබාදීමට කළ යෝජනාවට භාණ්ඩාගාරයේ අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව සේවකයන්ගේ වැටුප් වැඩිකීරීමට හැකි වූ බවත් ඇමතිවරයා පවසයි.
 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'මම මහා භාණ්ඩාගාරය සමග අසාධරණ ඉල්ලීම් ගැන සාකච්ඡා කරන්නේ නැහැ. භාණ්ඩාගාර නිලධාරින් සමග දිර්ඝව සාකච්ඡා කළා. අපි මුලින් යෝජනා කළ පරිදි සියයට 70 ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නේ නම් එය ලැබෙන්නේ 2020 වසරේ සිටයි. නමුත් මෙම සාමූහික ගිවිසුම අත්සන් කරන්නේ 2017 වසරේ 07 වන මස 01 දින සිට 2020 වසරේ 06 වනි මස 30 දින දක්වා කාලය ආවරණය වන පරිදියි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සේවක වැටුප් පළමු වරට ඉහළ දැමීමේ ගිවිසුමකට එළඹුනේ 2014 වසරේ දීය. එම වැටුප් වැඩිවීම ලබාගන්න අමාරු වූ බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ප්‍රකාශ කළා. නමුත් අද භාණ්ඩාගාරය වැටුප් වැඩිවීම ලබාදෙන්න බැහැ කිවුවේ නැහැ. මහා භාණ්ඩාගාරයේ ලේකම් තුමා මට යෝජනා කළා ජුලි මාසය වනවිට සේවක සේවිකාවන්ට තවත් සහනයක් ලබාදෙන බව. 2014 ගිවිසුමට අනුව සේවකයින්ගේ දල වැටුප සියයට 21 ත් සියයට 26 ත් අතර පරාසයකින් ඉහළ දැමුනා. නමුත් මෙවර ගිවිසුමට අනුව සියයට 40-50 අතර පරාසයකින් දල වැටුප් වැඩිවෙනවා. එය සේවකයින් ලබපු ජයග්‍රහණයක්. තව ද 2017.07.01 දින සිට මේ දක්වා හිග වැටුප් ද ලැබෙනවා. මේ අනුව අවම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 55 කින් ද, උපරිම වැටුප් ලබන සේවකයාගේ වැටුප සියයට 41 කින් ද වැඩි වෙනවා. එම වැටුප් වැඩි කිරීමේ දී ඖෂධ සංස්ථා සේවකයින් වෙත ආනයනය කර බෙදාහරිනු ලබන ඖෂධවල උසස් බව සහ ආරක්ෂිත බව සහතික කිරීම වෙනුවෙන් වෙන දීමනාව ද රුපියල් 12,000 කින් වැඩි වෙනවා.'
 
'මහාභාණ්ඩාගාරය කියන්නේ රාජ්‍ය තන්ත්‍රයක්. රාජ්‍ය සේවකයින් වැඩි වශයෙන් ඉන්නේ ශ්‍රී ලංකාවෙයි. එම නිසා මහා භාණ්ඩාගාරය රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තිය සාධාරණ අයුරින් ක්‍රියාත්මක කළ යුතුයි. මහා භාණ්ඩාගාරයට අයවැය ලේඛණය ද සකස් කරන්න තිබෙනවා. ඉන් පසු පාර්ලිමේන්තුවේ අයවැය විවාදය ආරම්භවීමෙන් අනතුරුව නිලධාරීන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි. එම නිසා තමයි මෙම වැටුප් වැඩිවීම ප්‍රමාද වුයේ. නමුත් ප්‍රමාද වෙනකොට සේවක සේවිකාවන් පාරට බහිනවා. කලු පටි පළදිනවා. හරියට විපක්ෂය වගේ. දේශපාලනය කරන කොටත් විපක්ෂයේ ඉන්න කාලය තමයි සුන්දරම කාලය. විවේචන කරන්න විතරයි පුලුවන්. දැන් විපක්ෂයේ ඉන්න අයත් ඒ වගේ. ආණ්ඩු පක්ෂයේ ඉන්න කොට වගකීම් වැඩියි. ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති දන්නේ විරෝධය පළ කරන්න විතරයි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්ණ විසදා ගන්නේ අතලොස්සක්. ඇතැම් සමහර වෘත්තීය සමිති හදිස්සියි කියලත් එළියට බහිනවා.'
 
rajitha 45
rajitha 46
rajitha 47
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment