මේ බිහිසුණු මරණයේ වගකිව යුත්තා කවුරුන්ද?

මේ බිහිසුණු මරණයේ වගකිව යුත්තා කවුරුන්ද?

නොබෝදා තට්ටු 62 යුත් ගොඩ නැගිල්ලකට නැග සිය වීර වික්‍රමාන්විත පෙන්වීමට ගිය ඔහු ඉන් ඇද වැටී මිය ගිය බව ඔහුගේ ප්‍රේක්ෂකයින් දැන ගන්නේ ඔහුගේ මරණයෙන් මසක් ඉක්ම ගිය පසුවය. ඒ, වූ යොන්ග් ගේ වීඩියෝ අන්තර්ජාලයේ දක්නට නොලැබීම ගැන ඔවුන් කළ පැමිණිල්ලකදී ඔහුගේ පෙම්වතිය විසින් ඔහු මිය ගිය බව අනාවරණය කිරීමත් පසුවය.

චීනයේ බීජිං පුවත් සේවය පවසන පරිදි වූ වූ යොනින්ග් විසින් ඔහු මියයන්නට පෙර සිය වික්‍රමාන්විත සහිත වීඩියෝ 500ක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබූ අතර ඔහු එමගින් මිලියන ගණනක ප්‍රේක්ෂකයන්ද, හිට් වූ වීඩියෝ සදහා යුආන් 550,000 ($82000) මුදලක්ද ආසන්න වශයෙන් උපයා ගෙන තිබේ. ඔහු මෙසේ මුදල් උපයන්නට පටන් ගෙන තිබෙන්නේ පසුගිය ජූනි මාසයේ පටන්, එනම් ඉතා මෑතකදී වීම ද කැපී පෙනෙයි.

මරණයේ අභිමුව හිදිමින් ඔහු විසින් සිදු කරනු ලබන මෙම බිහිසුණු ක්‍රියාවන් කිහිප විටක්ම චීනයේ මාධ්‍ය මගින් විවේචනයට ලක්ව තිබූ අතර එය ප්‍රචාරණය සදහා අන්තර්ජාලට තුළ ඔහු විසින් භාවිත කරන ලද වීඩියෝ චැනලයද ඉවත් කරන ලෙස ඔවුන් පෙර දැනුම් දීම් සිදු කර තිබේ.
ඔවුන් මෙම වීඩියෝ නරඹන ප්‍රේක්ෂකයන් හදුන්වා දෙනු ලැබුයේ ජීවිතයක් මිලදී ගන්නන් "purchasing a life"ලෙසය.

කෙසේ හෝ වේවා වූ යොන්ග් විසින් අතිශය බිහිසුණු ලෙස පේක්ෂකයන් පිනවන්නට යෑමත් තමන්ගේ ජීවිතය මිල කරන්නට යාමත් නිසා අද ඔහුගේ ජීවිතය එය විසින්ම අවසන් කර ඇත . මේ පිළිබදව ලෝකයේ නව කථා බහක් ආරම්භ වී ඇත් අතර තවත් rooftoppers ලා බිහිවීම වැළැක්වීමට නම් ජීවිත සමග සටන් කර අන් අයටද වැරදි ආදර්ශ ගෙන දෙන්නන්ගේ බිහිසුණු ක්‍රියාවල ත්‍රාස රසයට ඔල්වරසන් නොනංවා සිටිය යුතුය .

ඔහු විසින් අන්තර්ජාලයට එක්කරන ලද වීඩියෝ 

ඔහුගේ අවසන් ත්‍රාසජනක ක්‍රියාව මරණයෙන් අවසන් වන ආකාරය ද අවසානයේ ඔහුගේම කැමරාවේ සටහන් වී තිබුණේ මෙසේ ය.

- හංසනී සම්පත්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment