කැනඩාවේ බිලියනපති ඖෂධ ව්‍යාපාරිකයා හා බිරිය අභිරහස් ලෙස මියගොසින්


කැනේඩියානු ඖෂධ සමාගමක් වන ඇපියෝටෙක්ස් ඉන්කෝපෙක්ස් සමාගමේ නිර්මාතෘ වන බැරී ෂර්මන් සහ ඔහුගේ බිරිඳ වන හනී, අබිරහස් ලස මියගොස් තිබියදී සිකුරාදා දිනයේ මළ සිරුරු හමුවූ බව කැනේඩියානු පොලීසිය වාර්තා කර තිබේ.

ටොරොන්ටෝ

ඊසානදිග ධනවතුන්ගේ නිවාස පිහිටි කලාපයක පිහිටි ශර්මන්ගේ නිවසේ දී දහවල් වෛද්‍යහමුවකට රෝහලකින් ආ ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වීමේ සිද්ධියකට පොලිසිය කළ සොයා බැලීමකදී ඔවුනගේ සිරුරු නිවසේ පහළ තට්ටුවේ තිබී හමුව ඇත.
නිවසට කිසිවෙකු ඇතුළුවූ ආකාරයක් හඳුනාගන්නට හැකිව නැති නමුත් මරණ සැකසහිත බව පොලිසිය වාර්තා කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තවම හෙළි කර නැත.
මෙම නිවස ඔවුන් අලෙවි කරන්නට සූදානම් කර තිබූ එකක් බවත් එය මිලට ගන්නට විවිධ ගැණුම් කරුවන් මේ දිනවල පැමිණෙමින් සිටි බවත් එක් වාර්තාවකින් හෙලි කර තිබිණි.
ෆෝබ්ස් සඟරාව විසින් ඇස්තමේන්තු කර තිබෙන මියගිය ෂර්මන්ගේ වත්කම ඩොලර් බිලියන 3.2 කි. ඇප්ටෙක්ස් යනු ලොව අංක 7 ඖෂධ නිෂ්පාදකයා වන අතර සේවකයින් 11,000 ක් සහිත සහ ලොව පුරා රටවල් 45 කට වැඩි සංඛ්‍යාවක ශාඛා පිහිටුවා ඇති ප්‍රමුඛ සමාගමකි.
මියගිය ෂර්මන් 75 වන වියේ පසුවූ අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැනඩාවේ අගමැතිවරයා තමා කම්පනයට පත්වූ බවට ශෝක පණිවිඩයක්ද නිකුත් කර තිබෙන අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment