ඇමතිවරු රුසියාවට යාම ප‍්‍රමාද වේ : තේ තහනම බලාත්මකයි.


ශී‍්‍ර ලංකාවේ විශාලතම තේ ගැණුම්කරුවා වන රුසියාව විසින් මෙරට තේ සඳහා පැනවූ තහනම අද (18) සිට බලාත්මකවීමට නියමිතයි.

මෙම තහනමට හේතු වුයේ රුසියාවට යැවු තේ බහාලූමක සිටි තේ කර්මාන්තයට මෙන්ම කෘෂි කර්මාන්තයටද හානිදායක කෘමියෙකු හමුවීමයි.

ඒ අනුව ශී‍්‍ර ලංකාවේ තේ මිළදි ගැනීම තාවකාලිකව අත්හිටුවීමටයි රුසියාව තීරණය කළේ. මෙම තේ තොගය රුසියාවට යවනු ලැබ ඇත්තේ පෞද්ගලික සමාගමක් විසින්. ශී‍්‍ර ලංකා තේ මණ්ඩලය පැවසුවේ අදාළ බහාලූම ශී‍්‍ර ලංකාවට අයත් එකක් නොවන බවයි. 

ශී‍්‍ර ලංකාව අපනයනය කරන තේවලින් සියයට 25 ක්ම රුසියාව මිළදී ගන්නා අතර එරට මුළු තේ අවශ්‍යතාවයෙන් සියයට 23 ක් සම්පූර්ණ කරන්නේ ශී‍්‍ර ලංකාවයි.

වාර්තාවලට අනුව මේ වසරේ පළමු මාස 9 තුළ රුසියාවට අපනයනය කර ඇති තේ ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් මිලියන 25 ක්. එමගින් 
ශී‍්‍ර ලංකාව උපයාගත් ආදායම රුපියල් බිලියන 19කට ආසන්නයි.

මෙම තහනම ඉවත් කර ගැනීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැවසුවේ. ඒ අනුව රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් වෙත අද දිනයේ ඊට අදාළ ඉල්ලීම සිදු කරමින් ලිපියක් යැවීමට අපේක්‍ෂා කරන බවද ප‍්‍රකාශ කළා. 

මේ අතර ගැටළුව විසඳා ගැනීම සඳහා අමාත්‍ය නවීන් දිසානායක සහ රිෂාඞ් බදියුදීන් ඊයේ (17) රාති‍්‍රයේ රුසියාව බලා පිටත්කර හැරීමටයි මීට පෙර තීරණය වී තිබුණේ. 

එහෙත් කළ විමසීමකදි අමාත්‍ය නවීන් දිසානායක පැවසුවේ පළමුව තාක්‍ෂණික කණ්ඩායමක් රුසියාව බලා පිටත් කර හරින බවයි. ඒ අනුව රුසියාව බලා යවන තාක්‍ෂණික කණ්ඩායම කවුරුන්දැයි අද (18) දිනයේ තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසුවා. තාක්‍ෂණික කණ්ඩායමෙන් ලබාගන්නා තොරතුරු මත පසුව අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් රුසියාව බලා යන බවයි අමාත්‍ය නවීන් දිසානායක වැඩිදුරටත් කියාසිටියේ. තේ පමණක් නොව ශී‍්‍ර ලංකාවෙන් අපනයනය කරන සියලූ කෘෂි බෝග රුසියාව විසින් තහනම් කරනු ලැබ ඇති බවද මෙහිදී අවධාරණය කෙරුණා. 


තේ තහනම ගැන ජනපතිගෙන් පුටින්ට ලියුමක්‌ : ඇමැති 3ක්‌ රුසියාවට.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment