ජනවාරියේ සිට කොළඹ සිඟමන් තහනම්.


කොළඹ නගරයේ යාචක රැකියාවේ නියුතු පුද්ගලයන් පිළිබඳව ලබන ජනවාරි 01 සිට ක්‍රියාමාර්ගයක් ගන්නා බව මහ නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (19 දා ) කොළඹ මහනගර සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

දෙසැම්බර් මස අවසන් වීමට ප්‍රථම එම යාචකයින් සියලුදෙනා කොළඹ මහ නගර සභාවේ පුන්‍ය කොමසාරිස් හුමවිය යුතු බවත් ඉන්පසුව ඔවුන් පුනරුත්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ඔහු එහිදී සඳහන් කළේය.

අධිකරණ උපදෙස් මත ඔවුන් අම්බලන්තොට රිදීගම පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවත් එහිදී ඔවුන්ට අවශ්‍ය වෘත්තීය පුහුණුව සහ සමාජ පුහුණුව ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment