සංචාරක ප්‍රවර්ධනයට ඩිජිටල් ප්‍රචාරක නියෝජිත ආයතනවලින් ලංසු කැඳවයි.


එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය යන රටවල්වල ප්‍රියතම සංචාරක ගමනාන්තයක් වශයෙන් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සැලසුම් කරනු ලැබ තිබේ. 

මෙය ක්‍රියාවට නැංවීම සඳහා සුදුසු නියෝජිතායතනයක් තෝරාගැනීමේ කාර්යය විවිධ හේතු නිසා ප්‍රමා‍ද වී ඇති අතර, එය කඩිනම් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, ඩිජිටල් ප්‍රචාරක නියෝජිත ආයතන වෙතින් මේ සඳහා ලංසු කැඳවීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment