අත්අඩංගුවට ගත්, ඇලෝෂියස්ගේ හා කසුන් පලිසේනගේ අලුත්ම තත්ත්වය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට පත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන මහතාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ප්‍රකාශයක් සටහන් කර ගැනිමට නියමිත බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (04) උදෑසන අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේන යන අය අත්අඩංගුවට ගනු ලැබීය.
මහ බැංකු බැදුම්කර නිකුත් කිරිමේ සිද්ධියේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන අය සැකකරුවන් බවට පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට දැනුම්දුන්නේය.
මේ අතර මේ වන විට විදෙස් ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ලබන 15 වැනිදාට පෙර මෙරටට පැමිණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නොතීසි නිකුත් කළේය.
0 comments :
Post a Comment