හොකී ඉතිහාසයේ දැවැන්තම තරඟ පාවා දීමේ විමර්ශනයේ බාලගිරි තමරා? [Video]


හිටපු දුෂිත හොකී පරිපාලනයේ අනුභාවයෙන් වසර 4ක් ආසන්න පුරා පවත්වන්නට නොහැකි වූ ජාතික හොකී තරගාවලිය පසුගිය 19 වන දා රීඞ් මාවත කෘත්‍රිම හොකී පිටියේදී පැවැත්විණි.

වසර දෙකක් තිස්සේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබීම හේතුවෙන් මෙවර එය සංවිධානය කර තිබුනේ ක්‍රීඩා අමාත්‍යාංශය විසිනි.

එහිදී පැවැති තරගයකදී රාජ්‍ය සේවා කණ්ඩායම විසින් මාතර දිස්ත්‍රික් කණ්ඩායම ගෝල 28-0 කින් පරාජයට පත් කිරීම සැකයට තුඩු දෙන තරග ප්‍රතිඵලයක් බවත් එහි තරග පාවාදීමක් ඇතිදැයි සොයා බලන ලෙසත් ඉල්ලා වෙළෙඳ සේවා හොකී කණ්ඩායම තරග සංවිධායකයන්ට විරෝධතාවයක් භාරදී තිබේ.

හොකී ජාතික තරගාවලි ඉතිහාසයේ එක තරගයකදී කණ්ඩායමක් ලබාගත් ගත් වැඩිම ගෝල සංඛ්‍යාව ලෙසත් එය වාර්තාවී තිබේ. 

රාජ්‍ය සේවා කණ්ඩායමට ඇතුළත් වීමට සුදුසුකම් නොමැති බව කියන ක්‍රීඩකයකු එම කණ්ඩායමට ක්‍රීඩා කිරීම ගැනත් වෙළඳ සේවා කණ්ඩායම එම විරෝධතාවෙන් කරුණු දක්වා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

විමර්ෂණ බාලගිරි ගිල ගනී

එසේ නමුත් මේ වන තෙක් අදාල විරෝධතාවය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නොමැති බව වාර්තා වේ.

කවුද බාලගිරි?

කෙසේ නමුත් මෙම කුමන්ත්‍රණය පසුපස ක්‍රීඩා අමාත්‍යාංශයේ හොකී ව්‍යාපෘති නිලධාරිනි තමරා තලංගොඩ ලියනගේ සිටින බවට හොකී ජේෂ්ඨයන් චෝදනා කරයි.




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment