යහපාලන ආණ්ඩුව සම්බන්ධයෙන් අතිශය වැදගත් හා තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති නිළ නිවසේදී පැවැත්විණි. ඒ සඳහා ජනාධිපතිවරයා සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා සහභාගි වූහ.
සාකච්ඡාව ආරම්භයේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අගමැතිවරයා සමග කටයුතු කිරීමට නොහැකි බවට ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බවයි. ඒ අනුව අගමැති තනතුරේ වෙනසක් සිදු වියයුතු බවට ජනාධිපතිවරයා ඉඟි පළකර තිබේ.
මෙහිදී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇතිවූ දේශපාලන තත්වය හේතුවෙන් රට අස්ථාවර වෙමින් පවතින බවයි. ආණ්ඩුව ඇතුළේ පවතින ගැටුම් සාකච්ඡා කර විසඳාගත හැකි බවත් එහෙත් මේ මොහොතේ පළමුව කළයුත්තේ රට දේශපාලනික වශයෙන් ස්ථාවර කිරීම බවත් කතානායකවරයා අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
කරු ජයසූරිය මහතාගේ පැහැදිලි කිරීමෙන් පසුව එජාපය සහ ශ්‍රීලනිපය අතර ඇති ගැටලු සාකච්ඡා කර විසඳා ගැනීම කටයුතු කළයුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වී තිබේ. යහපාලන ආණ්ඩුව බිඳදැමීම සඳහා කුමන්ත්‍රණකාරීන් ගෙනයන වැඩපිළිවෙල පරාජය කර ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවෙන් අවශ්‍ය සියලු ක්‍රියමාර්ග ගැනීමට කටයුතු කළයුතු බවට නායකයන් සාකච්ඡාව අවසානයේදී එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.
2015 වසරේදී ජනතාව ලබාදුන් ජනමතය කිසිසේත් වෙනස් වී නොමැති බවත් ඒ අනුව ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකසා ගනිමින්, මැතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට සඳහා කටයුතු කළයුතු බවට නායකයන් එකඟ වී ඇත.
අගමැතිධූරයේ වෙනසක් මේ මොහොතේ කිසිසේත් අවශ්‍ය නොවන බවට නායකයන් එකඟ වී ඇති අතර ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත් කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීම අනිවාර්යෙන් සිදු කළයුතු බවට ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද අවධාරණය කර ඇති අතර බොහෝ දුරට බදාදා දිනයේදි සිදුවනු ඇත. එහිදී සියලු ඇමතිධූර වෙනස්වීමට නියමිත වන බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුව අභ්‍යන්තරයේ පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරියේදි නැවතත් තිදෙනා එක්ව සාකච්ඡා කිරීමට ද එකඟ වී තිබේ.
මේ වනවිට අගමැතිවරයා සාකච්ඡාව අවසන් කර අරලියගහ මන්දිරයේ තවත් තීරණාත්මක සාකච්ඡාවක් සඳහා එක්ව සිටී. මේ අතර කරු ජයසූරිය මහතා ද කතානායක නිළ නිවසේදී තවත් සාකච්ඡාවක් සඳහා එක්ව සිටී.
අදාල සාකච්ඡාවලදී එකඟ වූ කරුණු සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී අප ඔබවෙත ගෙන එන්නෙමු.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment